එකතු වෙලා තීරණය කරන්නයි හදන්නේ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතයි.

පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි.ඒ අනුව, ඉදිරි දිනකදී මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර, සාකච්ඡා වට කිහිපයක් පැවතියද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවසන් එකගතාවයකට පැමිණ තිබුණේ නැති බව සඳහන් වෙනවා.

දෙපාර්ශ්වයේම පක්ෂ නායකයන්ගේ අවසන් එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා ද මේ වනවිට තාවකාලිකව අතරමග නතරවී තිබෙන බවත්, දෙපාර්ශ්වයේම පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ එළඹෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව තරග කළහොත් දේශපාලන වශයෙන් වැඩි වාසි ලබාගැනීමට හැකියාව පවතින බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *