ගිනි තියලා තියෙන්නේ මෙයාලනේ

නල්ලතන්නිය සමනල ස්වභාවික රක්ෂිතයේ ඊයේ 23 පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින අතර, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලූ බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පවසනවා.

නල්ලතන්නිය වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කඳු මුදුණ දක්වා සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙන අතර, ගින්න පාලනය කිරීමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුද හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බව වන අඩවි ආරක්ෂකවරයා පවසනවා.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලීසිය සැකකරන අතර, මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබඳව තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ සවස රඹුක්කන අලගල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විමර්ශන නිලධාරින් අදාළ ස්ථානය වෙත යන අවස්ථාවේ ගම්වාසීන් විසින් රඳවාගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු මෙම ගිනි තැබීමට සැක බවට පවසමින් පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මෙම සැකකරුවන් අලගල්ල කන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙන අතර, සිද්ධියට සැකපිට එම තරුණයන් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන කඩුගන්නාව, පිලිමතලාව, හන්දෙස්ස හා බලන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මේ පිළිබඳව රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *