හොරු අල්ලන්න විතරක් නෙමෙයි හැංගෙන්නේ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය නිවේදනය කරනවා. අද 06 සහභාගී වූ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව කියා තිබෙනවා.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත්, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම, හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් විශේෂ සැලකිල්ලක් නොදක්වන බව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පවසනවා.

වෙනදාට වඩා වෙහෙසක් රැගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *