ගියා වගේම දියුණු වෙන්නත් තමන් දැනගන්න ඕනේ

ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම හෝ රැකියා අවස්ථා අහිමි කරගැනීමේ සම්පූර්ණ වගකීම එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සතුව තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
එරට වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්වයෙන් සිටින බවත්, ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ සමූහ නිර්මාණය කරමින් විවිධ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණ හා වැඩවර්ජන සංවිධානය කරන බවත් තානාපතිවරයා සඳහන් කරනවා.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇති යහපත් ප්‍රතිරූපය විනාශවන බව පෙන්වාදෙන ඊශ්‍රායලයේ නිමල් බණ්ඩාර මහතා, රැකියා සඳහා පැමිණෙන සියළු ශ්‍රී ලාංකිකයින් තම රැකියාව නීතිගරුකව සිදුකරමින් දෙරටේම ගෞරවය ආරක්ෂා කරගත යුතු බව අවධාරණය කරනවා.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා හිමිවූ මෙරට 217 දෙනෙකු වෙනුවෙන් පැවති වැඩසටහනකට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමින් තානාපතිවරයා ඉහත කරුණු සඳහන් කර තිබෙන බව වාර්තා වෙනවා.
