වැඩියෙන් සල්ලි දීලා කන එයාලා

අද 05 දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා රුපියල් 2,000 ක මුදලක් ගෙවීමට සිදුවුණු බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තුවේ ආහාර මිල ඉහළ නැංවීම මේ මස පළමු වන දින සිට ක්‍රියාත්මක වුව ද මේ මාසය සඳහා පාර්ලිමේන්තුව රැස් වූයේ අද දිනයේ වන බැවින් මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආහාර සඳහා අදාළ ගාස්තුව ගෙවීමට සිදුවෙනවා.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2,000 ක් දක්වා ඉහළ දැමීමට පසුගිය 23 වනදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කළා. ඒ අනුව, පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් රුපියල් 600 ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර, තේ එකක මිල රුපියල් 200කි.
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.