ඇමති විජිතගේ ඉල්ලීම නිසා නිදහස් වුණූ ඔවුන්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13 දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකි.
වයස අවුරුදු 20 – 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවෙන අතර ඔවුන් දැනට ආරක්ෂිතව සිටින බවද වාර්තා වෙනවා.
මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර, එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ද නියමිතයි.
මේ අතර අනෙකුත් සිව්දෙනා මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටන බවත්, හැකි ඉක්මණින් ඔවුන්වද බේරාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු ආරංචි මාර්ග පවසනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා තායිලන්න විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකියින් පිරිස බේරාගැනීමට හැකිවී තිබෙනවා.