14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තෙවැනි සැසි වාරය

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද 05 පෙරවරුවේ, බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පවත්වා තිබෙනවා.

ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනි.

සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් අවධාරණය කළේ, දෙස් විදෙස් දුෂ්කරතා හමුවේ වුවද ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වයෙන් ගෙවී ගිය වසර තුළ චීන ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වී ඇති බවයි.

2024 වසර තුළ, ආර්ථික, විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය වීමත් සමග චීන මාදිලියේ නවීකරණය නව දැවැන්ත ප්‍රගතියක් ලබා ගෙන ඇති බව ද එතුමා එහිදී පෙන්වා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *