මේක නම් වාර්තාගත වර්ධනයක්

මෙරට සංචාරක කර්මාන්තයට 2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7 ක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ඒ අනුව, මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2 ක වර්ධනයක් වෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ 2025 පෙබරවාරි 1 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 232,341 ක් පැමිණ ඇති බවයි. ඒ වගේම, 2025 වසරේ පෙබරවාරි 27 දින දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 485,102 ක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *