මේක හැමෝටම ගොඩක් අපහසු කාලයක්

දිස්ත්‍රික්ක කිහිපයක පවතින මිනිස් සිරුරට දැණෙන උණුසුම පිළිබඳව අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.
විශේෂයෙන් ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වෙන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 011-7446491 යන දුරකථන අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.