මේ ඔහුගේ අවසන් තරගයයි – කාසියේ වාසිය කාටද?

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මීට සුලූ මොහොතකට පෙර ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව, පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, ධනංජය ද සිල්වා තීරණය කර තිබෙනවා.
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී නොවූ පැතුම් නිස්සංක අද 06 ආරම්භ වන තරගය සඳහා කැඳවීමට නියමිත අතර, රමේෂ් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර, අද ආරම්භ වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරගයත් වෙනවා.