පළමු වතාවටයි මාධ්‍යයෙන් වාර්තා කරන්නේ

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසනවා.

එලෙසින,් එම හමුදා කණ්ඩායම් යොමු කර ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ම රුසියානු හමුදාවන්ට සහය වීම සඳහා උතුරු කොරියාව විසින් සිය හමුදා කණ්ඩායම් යවා ඇති බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙනවා.

කෙසේ හෝ උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *