ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේකයි

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමේදී, ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී තිබෙන්නේ, අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29) තහවුරු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සඳහන් කරනවා.

මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදෙන බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පියවර ගත්තේ පසුගිය සඳුදා 27 රාත්‍රීයේදීයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *