මෙවර අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ කාන්තාවක්

දෙවිනුවර, සිංහාසන පාරේදී වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වර්තා වෙනවා.

ඒ අනුව, මේවන විට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණනල 4 ක් වෙනවා.

යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කර වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා 21 රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එහිදී මිය ගියේ අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශණයන් සිදු වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *