මේ සැරේ නම් බේරෙන්න ටිකක් අමාරු වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර ඇත්තේ, 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධිචෝදනාව පත්‍ර ගොනු කර තිබෙන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *