මේ සැරේ පුද්ගලික අංශයටත් වාසියි

මෙවර අයවැයෙන් පුද්ගලික අංශය සඳහා ද වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පවසනවා.