කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තිදෙනෙක් මරුට

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්.

තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරන අතර, වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබුණා.

කෙසේ වුවත්, කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වුණා.

ඒ ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට ඔවුන්ව රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීයි.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *