සමාජ ශාලා ගැටුමට සම්බන්ධ තිදෙනෙක්

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාර වී තිබෙන බව වාර්තා වෙනවා.
පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා පැය 3 කට ආසන්න කාලයක් ඊයේ :25* කොම්පඤ්ඤ වීදිය පොලීසියට ප්‍රකාශයක් ලබාදුන් බව සඳහන් වෙනවා.
එම ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන තිබූ අතර, ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරකෑමට ලක්ව තිබුණා.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
