සමාජ මාධ්‍ය කැළඹූ සිසුවාගේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26)අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 20 වනදා මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණේ, කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ටයි. සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.