අනතුරට පත්වුවන් අතර පාසල් ළමුන් තිදෙනෙක්

කොළඹ – කුරුණෑගල, අංක 05 මාර්ගයේ නාල්ල මංචිකඩේ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.

තුවාල ලැබුවන් මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන්ගෙන් අවුරුදු 12 ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහළට ඇතුළත් කර ඇති බවත්, නාල්ල පොලීසිය සඳහන් කරනවා.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, ලංගම බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් වන අතර, බස් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *