එකම අංකයෙන් වාහන තුනක් එකම තැනට

නීති වීරෝධි ලෙස මෙරටට ආනයනය කළ ජීප් රථයක් සිය භාරයට ගැනීමට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කටයුතු කර තිබෙනවා. ඒ මෙම රථය ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වීමෙනි.
එම ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරින් දෙදෙනෙකු ආවේක්ෂණ රාජකාරි සඳහා යොදවා, පැලවත්ත ජපන් මිත්‍රත්ව පාරේ පාර්ලිමේන්තු පාර හංදිය අසලදී අදාළ ජීප් රථය හා එය පැද වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙම රථය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රථයක් වන අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබන බවත් වාර්තා වෙනවා.
අත්අඩංගුවට ගත් මෙම රථයේ රියදුරු 52 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු මහර ආසනයේ ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකයෙකු ලෙසත් කටයුතු කළ අයෙකු බවත් පොලීසිය පවසනවා. එමෙන්ම ඔහු හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබෙන අයෙක් වනවා.
පොලීසිය භාරයට ගත් මෙම ජීප් රථය කෝටි 04 කට අධික වටිනාකමකින් යුතු බව පොලීසිය සඳහන් කර න අතර, මෙම රථය ඉතා සුක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නීති විරෝධීව මෙලෙස මෙරටට ගෙන්වනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත පවා වෙනස් කරමින් කටයුතු සිදුකරන බවට පොලීසියට කරුණු වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා ලද මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම යුතු විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම එම අංකයෙන් යුත් මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් 2019 වර්ෂයේදී ද එම ප්‍රහාරක බළකාය මගින් සිය භාරයට ගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.
ඒ අනුව මෙවරද වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින්ම මෙම සුඛෝපභෝගි ජීප් රථය ද අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් වෙනවා.