ප‍්‍රතික්ෂේප වුණු කෙහෙළියගේ ඉල්ලීම

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුව් බව සඳහන් වෙනවා.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959 කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉකුත්දා ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *