අද කෙහෙළියගේ පළවෙනි වාරයයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා ඉදිරියේ යළි විභාගයට ගෙන තිබෙනවා.
මෙහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බව සඳහන් වෙනවා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240000රැ- කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා.
