අද දවසත් ඒ තරම් සුභ නැහැලූ

අද දිනයේත්, ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය අදාළ වන අතර, එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බව සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.