පුංචි ඡන්දයේ මුල් අදියරක අවසන් දිනය අදයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අදින් (12) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත, සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336 ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14 වනදා පෙරවරු 8.30 ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මේ අතර, එළඹෙන මාර්තු මස 13 වැනිදා පෝය දිනයක් වුවත්, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට කටයුතු කර ඇති බව ද එම කොමිෂම වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
