අදත් ඊයේ වගේමයි වෙනසක් නෑ

අද (19) දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ,අවධානය යොමු කළ යුතු, මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

මේ අතර, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කරනවා.

විශේෂයෙන් ම මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *