අදට දවස් දහතුනයි. දැන් කොහොමද?

නියුමෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව සිටින ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් උන්වහන්සේට කිසිඳු හුස්ම ගැනීමේ අපහසුතාවක් හට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාප්වහන්සේ රෝහල්ගතව අදට දින 13 ක් වන බව සඳහන් වෙන අතර, 88 හැවිරිදි උන්වහන්සේ පාප් පදවියට පත්ව වසර 12 ක කාලය තුළ වැඩිම දින ගණනක් අඛණ්ඩව රෝහල් ගතව සිටි කාලය මෙය බව වාර්තා වෙනවා.

පාප්වහන්සේගේ පෙනහලු ආසාදනය පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එම පරීක්ෂණ පිළිබඳ කිසිඳු වාර්තාවන් මේ වනතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *