අද දවසේ කාලගුණය

අද (12) දිනයේ, උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ වගේම, සෙසු ප්‍රහේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේසනයේ සඳහන් වෙනවා.
විශේෂයෙන් ම බස්නාහිර, සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හැකි තාවකාලික තද සුළවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
