අද දවසේ කාලගුණය

අද (13) දිනයේ නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විශේෂයෙන් ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම නිවේදනය මගින්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
