හෙට සහ අනිද්දා ලංකාවට ගොඩක් විශේෂයි

ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් හෙට (20) සහ අනිද්දා (21) කොළඹදී පැවැත්වීමට නියමිතයි. එය නම් කර තිබෙන්නේ, Innovation Island Summit Sri Lanka 2025 ලෙසයි.
මෙම විශේෂ සමුළුව පැවැත්වෙන්නේ, ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ කැපිටල් මහරාජා සමූහයේ සම සත්කාරකත්වයෙන් බව සඳහන් වෙනවා.
ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කෙරෙන බවත්, රටවල් 50 ක අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළපෙළේ විශේෂඥයින් පිරිසක් සමුළුවට සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් ඉස්මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීමට ඉඩ සැලසීම මෙහි තවත් අරමුණක් සහ එම රටවල ආර්ථිකයේ අනාගත දියුණුව වෙනුවෙන් සංවර්ධනයේ අලුත් විසඳුම් සොයබැලීම ද මේ යටතේ සිදුවන බව වාර්තා වෙනවා.