හෙට දවස අවධානය යොමු කළ යුතුම දවසක්

හෙට 31 දිනයේ ද ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකළ යුතු අතර, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් ම උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් තුල රැදී සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳවද සැලකිලිමත් වියයුතු බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *