හෙට තීරණාත්මක දවසක් වෙයි

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේවන විට, ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බව එහි සභාපති ඩී.ඒ.රාජකරුණා මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර, ඉන්ධන ඇණවුම් 1500 කට වැඩි ප්‍රමාණයක් ඊයේ ලැබී තිබෙන බවත්, එම තොග බෙදාහරිමින් ඇති බවද, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරනවා.

විශේෂයෙන් ම පවතින ගැටලු සම්බන්ධයෙන් ඉන්ධන බෙදුම්කරුවන් සහ ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් අතර හෙට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, සභාපතිවරයාගේ දැනුම් දීම අනුව හෙට පෙරවරු 9.00 ට එම සාකච්ඡාවට සහභාගී වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

මේ අතර, තෙල් සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ මැවූ අර්බුදයක් බව නියෝජ්‍ය අමාත්‍ය ටී බි සරත් මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *