පොලිසියේ ඉහළ පුටු 08 කට ස්ථාන මාරුවිම්

පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.එම්.කේ.ඩී පලිස්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී මැදවල මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ ගාල්ල කොට්ඨාසය භාර නිලධාරියා ලෙසයි.

කේ.ජී.පී.බී සමරපාල, එස්.එම්.කේ.සී.තිලකරත්න, පි.ජි.දර්ශන, එල්.ඒ.ඩි.රත්නවීර, කේ.එන්. ගුණවර්ධන මහත්වරුන් ස්ථාන මාරු කළ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *