හිතනවට වඩා දැඩි තීරණ ගන්න ට‍්‍රම්ප්

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා, අයකරන බද්දට අමතරව තවත් අමතර 10% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, එම අමතර තීරුබදු පැනවීම මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මකවීමට නියමිතයි.
ඒවගේම, මේ මස මුලදී ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක දැවැන්ත තීරුබදු ඉහළ නැංවීමක් සිදු කිරීමටත් අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් ලබන සතියේ කැනඩාව සහ මෙක්සිකෝව සඳහාත්, 25% ක බදු පැනවීමට තීරණයක් ගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.