ධවල මන්දිරයට ගිය මෝදි පිළිගත් ට‍්‍රම්ප්

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ධවල මන්දිරයේදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී තිබෙනවා.
එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයකට ද එක්වී තිබෙන අතර,එම සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී වී තිබෙනවා.
වොෂින්ටනය සහ නවදිල්ලිය “අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගිවිසුමක්” අවසන් කිරීමට උත්සාහ කරන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.
අගමැති මෝදිව ධවල මන්දිරය වෙත පිළිගනිමින් ජනපති ට්‍රම්ප් පවසා තිබෙන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දීර්ඝ කාලයක සිට තමාගේ හොඳ මිත්‍රයෙකු බවයි.
