අයිති කරගෙන සාධාරණයක් කරන්න යන ට‍්‍රම්ප්

අමෙරිකාව, ගාසා තීරය පවරාගෙන එය සංවර්ධනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ඒ වගේම, ඔවුන් ගාසා තීරය පවරාගෙන එහි සිටින පලස්තීන වැසියන් සාමකාමී සහ සංවර්ධිත රටවල පදිංචි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනපති ට‍්‍රම්ප් මේ බව පැවසුවේ, ධවල මන්දිරයේ සංචාරයක නිරත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සමඟ මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.

“අමෙරිකාව ගාසා තීරයේ පාලනය භාරගන්නවාග අපි ඊට අදාළ දේත් කරනවාග අපි වැනසුණු ගොඩනැගිලි විනාශ කරලාල භූමිය සමතලා කරනවාග එය දිගුකාලීන හිමිකාරිත්වයක් වෙන්න පුළුවන්ග මේක සරලව ගත්ත තීන්දුවක් නෙමෙයිග මම මේ ගැන මැදපෙරදිග කලාපීය අනෙක් රටවල නායකයින් සමඟත් සාකච්ඡා කළාග ඔවුන් මේ අදහසට ගොඩක් කැමතියි. යනුවෙන් ට්‍රම්ප් පවසා තිබෙනවා.

බොහෝදුරට අමෙරිකානු සෙබළුන් යොදවා එය අත්පත් කරගැනීම සිදුවනු ඇති බවත්, එහි සිටින පලස්තීන ජනතාව වෙනත් ස්ථාන කරා යොමුවිය යුතු බවත්, එහිදී ට්‍රම්ප් පවසා තිබෙනවා.

“ගාසා තීරයල මරණයේ සංඛේතයක් බඳුයිග ආසන්නයේ සිටින පිරිසට පවා ඉන් සිදුවන්නේ අයහපතක්ග ඒ වෙනුවට අපි වෙනත් රටවලට ගිහින්ල මිලියන 1.8ක් වන ගාසා වැසියන්ට ජීවත්වෙන්න සුදුසු වාසස්ථාන ගොඩනගනවාග මම ඊශ්‍රායලයට ආදරෙයිල මම එහි සංචාරය කරනවාග මම ගාසා තීරයෙත් සංචාරය කරනවා.” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *