පොඩිම තැනින් පටන් ගන්නයි හදන්නේ

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසනවා.
අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර තිබෙනවා.
සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත්, චමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
“වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා.
ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.”
