සුනාමි අනතුරු ඇඟවීම් පවා නිකුත් කරලා

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ තවත් පසුකම්පන 3 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ, (USGS) එම පසුකම්පන රික්ටර් මාපක 6.1 ක්, 4.9 ක් සහ 5.8 ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.

එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.0 ක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර, එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29 ක් ගැඹුරින් සිදු වී ඇති බව සඳහන් වෙනවා.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ, භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකියි.

දූපත් 171 කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000 ට තරමක් වැඩි අතර, බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු නම් ප්‍රධාන දූපතේ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *