වැඩ වරද්ද ගත්ත ටියුෂන් ගුරුවරයා

සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ඊයේ (11) දිනයේදී පැමිණෙන ලෙස දන්වා තිබුණද, ඔහු ඒ සඳහා නොපැමිණි බව ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ අනුව, මේ සම්බන්ධව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, මේ සම්බන්ධව පුද්ගලයින් රැසක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කර ඇති බවද, ඒ අනුව සැකකරු සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *