බටලන්ද කොමිෂන් සභා වාර්තාව වෙනුවෙන් දින දෙකක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කරනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ, මෙම විවාදය අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවයි.

අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 – පෙව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරනවා.

අනතුරුව, පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *