සංජීවගේ සිද්ධියට අදාළ තවත් දෙදෙනෙක් සොයාගැනේ

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින්, ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සැකකාර කාන්තාවට ලබාදුන් පුද්ගලයා සහ සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථය ළඟ තබාගෙන සිටි පුද්ගලයායි.

අදාල ගිනි අවිය, සැකකරු හා ඊට සහාය දුන් කාන්තාව නැවතී සිටි කඩුවෙල ප්‍රදේශයේ නවාතැන්පොළට ඔහු විසින් රැගෙන විත් ලබාදී ඇති බව පොලිසිය පවසනවා. එම පුද්ගලයා යුද හමුදාවෙන් පලාගිය අයෙකි.

අදාල වෑන් රථය විදේශයකට සිටින පුද්ගලයෙකුට අයත් එකක් බව වාහනය ළඟ තබාගෙන සිටි පුද්ගලයා පවසා තිබෙනවා.

මේ වන විට මෙම ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු හා සැකකාරියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *