තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් සහ සැකකාරියක්, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණා. අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ 24 අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව,මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
මොවුන් දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී තිබෙන අතර, මොවුන් දෙදෙනාත් සමග මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.