නව පත්වීම් දෙකක් ප‍්‍රදානය කරයි

ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර මහතාත්, ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාත් පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඔවුන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා.
ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර මහතා වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇති අතර, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙකුද වෙනවා.
දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා, ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන් අතර, ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වෙනවා.