පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට

චෙක් ජනරජයේ වෙළඳසැලක සිදුවූ පිහි ඇනුමකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇනුම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 16 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මේ පිළිබඳව එරට අග්‍රාමාත්‍ය පීටර් ෆියාලා, X පණිවිඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබෙනවා.
කෙසේ වුවත්, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.