ටොන් ගාණක සහල් නැව් දෙකක්

සහල් ටොන් 35,000 ක් රැගත් නෞකා දෙකක් බංග්ලාදේශය වෙත ළඟාවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සහල් අතර තැම්බූ සහල් ටොන් 22,500 ක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.
ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංග්ලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මේ අතර, නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතර, සහල් ගොඩබෑම ආරම්භ කර ඇති බව බංග්ලාදේශය වැඩිදුරටත් පවසා තිබෙනවා.
