ක‍්‍රියාත්මක නොවුණු ගිනි අවිය

මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙක් වන අතර, චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළාගොස් තිබෙනවා.
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා.