වහන පාරවල් ගැන කරන අලූත්ම දැනුවත් කිරීම

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (4) දිනයේ ද විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබනවා.
එමෙන්ම, මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන්නන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ ගමන් සැලසුම් කරගන්නා ලෙසට දන්වා සිටිනවා.
හෙට 5 ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තබනවා. ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව යන 6 වනදා පෙ.ව 7.30 – 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ලබනවා.
එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම අවස්ථානුකූලව රථවාහන හසුරවන නිලධාරින් විසින් සිදු කරනු ලබයි.
