පත්වීම අත්හළ හිමිනම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබෙන්නේ, පසුගිය 10 වැනිදායි.

කෙසේ වෙතත්, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම්, එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සමගිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *