ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කරන්න

බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා මතුව තිබෙන බව වාර්තා වෙනවා.
පස් කණ්ඩිය කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇති අතර පස් ඉවත් කිරීම සඳහා අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
විකල්ප මාර්ග ලෙස ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.