තක්සේරු නිලධාරිනියක් අත්අඩංගුවට

රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

කුරුණෑගල – බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් කොමිසම විසින් මෙම සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස් කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ තක්සේරු නිලධාරීනියක් බව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *