බදු ගෙවන්නෙ නැතුව වාහන ගෙන්නලා

තීරූබදු නොගෙවා මෙරටට ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකළ වාහන 2 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ වගේම, පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වැනි දා එලෙස ආනයනය කළ ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගත් බව පොලීසිය පවසනවා.
අදාළ වාහන සන්තකයේ තබා ගැනීම, තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වීම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 49,59, හා 61 හැවිරිදි ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව වාර්තා වෙනවා.